It was in this Hela Diva or Siri Lanka that Sidduhath Gautama was Born and Lived 80 years of his life

Written by  on May 7, 2015 

චිරාත් කාලයක සිට …..ලොව ප්‍රබල රටක් වූ හෙළබිම, පොලෝ තලයේ භූගෝලීය වශයෙන් ඇති විශේෂ ස්ථානයක පිහිටන්නේය. සියලු බුදුවරුන් හා සක්විති රජුන් පහල වූ ලංකාවේ වත්මන් ඉතිහාසය ලියවී සම්මත වී ඇත්තේ, අප සම්පත් කොල්ල කැ විදේශිකයන් විසින් අත්තනෝමතිකව ගොනුකළ කරුණු හා උපකල්පන මතින් බව දැන් අපට පසක් වී අවසානය.

logo

යනු, එකී වැසීගිය ඉතිහාසය ගවේෂණය කරමින් සත්‍ය සොයා උඩුගං බලා යනවුන් විසින් ගොනුකළ කරුණු පෙළගැස්වූ අවකාශයී.

මෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ  

“අප උපන් හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපය”

බව ලොවට පසක් කර දීමය 

The story finds here is an amazing story. It is not something had heard before, a story which is beyond your imaginations. But this is the absolute truth. This is not a created story. Not a statement based on assumptions either. Not an imaginary or an affectation without a proper foundation.
This is the absolute truth declared with a very clear mind.

It is guaranteed that you too will get the feeling as if you had seen the Buddha himself, will be overjoyed when you realize that you too are born in this Janbudveepa and reading about it’s true story which is the only island in this world where all the Buddhas attend to the sacred Enlightenment.
That is nothing but the absolute confidence, Saddha. All who follow Dhamma, who are born in a sacred island of this nature, in a Madya Mandala where all the universal energies are centralized and in a time period that the supermundane Buddha Dhamma is disclosed and preached, should read this true story as well.
It’s a fact known by everyone that for a long period of 1500 years in the history, this absolute truth was covered up, Buddha Dhamma had gone through alterations and the path to Nirvana was closed up.
It should also be mentioned that a suitable environment with all the aspects is formed now in which the truth can be revealed again, supermandane Buddha Dhamma can be preached to the ones who are blessed in the world and path to Nirvana can be opened up. The absolute truth can never be forcefully pressed up and kept forever by the lie, the falsehood, hypothesis, the norms and standards.
According to the cause and effect, Dharma Niyama, the absolute truth will be disclosed by someone in the real time.

This Hela Diva(Sri Lanka or Originally known as Siri Lanka) is the kingdom of Buddha. It is the island of the Dhamma, the virtues. Now, all the necessaries such as a total purification and a taking off all the hindrances & limitations, required for that kingdom of Buddha, the island of Dhamma, and also the island to be the world center for Dhamma again, are in progress. When all these things come in to being and disclose with the effect of the truth and the power of Darmatha, ones who genuinely want to walk on the path of Dhamma will be able to achieve the freedom of Nirvana.

………. සත්‍ය ගවේෂණය ………..

මෙහි අඩංගු කරුණු පාදක වන්නේ මුලාශ්‍රයන් කිහිපයක් මතය. ඒවානම්, ඓතිහාසික මුලාශ්‍ර , භූ විද්‍යාත්මක කරුණු , තාක්ෂණික කරුණු, ගුප්ත විද්‍යාත්මක කරුණු, අධ්‍යාත්මික කරුණු වශයෙනි. අප මෙහි කතාකරන්නේ වසර 2600 කට පෙර තිබු ඉතිහාසයක් ගැනය. මෙහිදී තවමත් හෙළි නොවූ හා ගැලපිය නොහැකි කරුණු රාශියක් ද පවතී.

මෙම කරුණු ඔස්සේ යමින් සත්‍යය ගවේෂණය කර තව ඉදිරියට යාම හෝ නොයාම ඔබගේ අවශ්‍යතාව හා කැමැත්තය මත පවතින කරුණකි. අප වටහාගෙන පිළිගත් කරුණු අනිකුත් අයගේ දැනගැනීම පිණිස ප්‍රකාශ කිරීම අපගේ යුතුකමය …..!
සියළු බුදුවරුන් හා සක්විති රජවරුන් බිහි වී ඇත්තේ හෙළ පොලවේය. හෙළ දෙරණ යනු වර්තමානයේ ශ්‍රී ලංකාව යනුවෙන් හදුන්වන අප උපන් මව් බිමය.
මීට වසර 2600 කට පමණ සිටි අප මහා ගොවුතම බුදුරජානන් වහන්සේ ගේ ඉපදීම බුදුවීම සහ පරිනිර්වානය සිදුවුයේ මේ ලක් පොලව මතය .
එකල මෙම ද්වීපය සිවු මහා හෙළය නම් විය. එනම් පරිපාලන වශයෙන් කොටස් සතරකට බෙදාගෙන, නාග, දේව, යක්ෂ හා කුම්භාණ්ඩ යන ගෝත්රවල මනුෂ්‍යයන් ජීවත් විය .
ලංකා පුර යනු යක්ෂ රජෙකු වූ වෙසමුණි රජතුමාගේ රාජ්ජයේ අගනුවරය. අද මුළුමහත් දිවයින ම ලංකාව ලෙස හැදින් වුවද එදා හැදින්වුයේ එම වෙසමුණි රජතුමාගේ යටතේ තිබු ප්‍රධාන වශයෙන් දිවයිනේ බටහිර පැත්තේ තිබු භුමි භාගයට. සරලව ගතහොත් දිවයිනේ නැගෙනහිර කොටස දේව හෙලය ලෙසින් හදුන්වා දිය හැක . පුරාණ ග්‍රන්ථ වල හා බුද්ධ දේශනාවේ එන සොළොස් මහා ජනපද තිබුනේ මේ දේව හෙලයේය. (
සිතියමේ බලන්න)

බුද්ධ ධර්මය යනු ලොවුකික දියුණුවක් උදෙසා නොව අධයාත්මික වූ විසදුමක් කරා යොමු කිරීමක් ය . එහි අවසානය ගමන නැවත්වීමය, සිත දියුණු කිරීම නොව සිත පිරිසිදු කිරීමය  . කාලයාගේ ඇවෑමෙන් හා ස්වභාවික විපත් නිසා නිර්මල බුදුදහම විකුර්ති වූ අතර ඊට සම්බන්ද නියම ස්ථාන යටපත් වී ගියේය. එකල සිටි බොහෝ පිරිස. නිවන් අවබෝධ කරගත් නිසා එම ප්‍රදේශ වල ලොවුකික හා භවුතික දියුණුව අඩු වී ගිය අතර වරින් වර සිදු වූ මුහුදු ගැලීම් නිසා ජන ශුන්‍ය පෙදෙස් බවට පත්ව වනගත වී ගියේය .

බුදුන් ජන්ම වූ ද්වීපය ජන්බුද්ද්වීපය නම් වූ අතර එහි සිතියමක් කිසිම ග්‍රන්ථයක නොවීය. පෙර කී ලංකා පුරට(බටහිර පෙදෙසට) බුදුන් වැඩියේ පා ගමනින් ය . එසේ වැඩියේ එකම බිම්කඩක් වූ නැගෙනහිර කොටසේ තිබු දේව හෙළය නොහොත් ජන්බුද්ද්වීපයේ සිටය. දෙවහෙලයේ සිටි මනුෂ්‍යයන් එහි සිටි බ්‍රාහ්මණ සාස්තෘවරුන්ගෙන් ධර්මය අසා අටසිල් රකිමින් ශිෂ්ට සම්පන්නව සිටියේ බුද්දෝත්පත්තියට පෙර සිටය. එබැවින් බුද්ධ දේශනාව වටහාගැනීමට ඔවුන්ට හැකිවිය.

යක්ෂ හෙලහේ සිටි මිනිසුන් බොහොමයක් අශිෂ්ට මිනිසුන් වූ අතර මිනිසුන් මරා ආහාරයට ගැනීටම තරම්වූ පිරිහීමක් ද තිබුනේය. බුදුරජානන් වහන්සේ වරින්වර එහි පිවිස යක්ෂයන් දමනය කලද, ස්ථිරවශයෙන් බුදු සසුන පිහිටවීමට අපොහොසත්විය . ධර්ම ප්‍රචාරය කිරීමට පැමිණි බුද්ධ පුත්රයන්ටද එහිදී නිතර වදහිංසා සහ කරදර ඇති විය . එබැවින් එහිසිටි බුද්ධ ධර්මය වටහාගත් බලවත් රජවරුන් බුද්ධපුත්‍රයන් ගේ ආරක්ෂාවත් ඉදිරියෙදී බුදුදහම පැතිරවීමත් අරමුණුකොටගෙන ප්‍රඥාප්තියක් ගොඩනගා ගත්තතේය එපමණක් නොව එය බුදුන් හමු වී. අනුමත ද කරගත්තේය . බුද්ධ පුත්‍රයන් ට වින කරනා යක්ෂයන්ට  දැඩි දඩුවම් පනවන බවත් ඒ සම්බන්ධව විමසීමට හා නීතිය ක්‍රියාත්මක කිරිම්ට බලයලත් නායකයන් 40 දෙනෙකු සිටිනා බවත් එහි සදහන් විය . මේවා අණබෙර කරුවන් ලවා උස් හඩින් යක්ෂ ගෝත්‍රික ප්‍රදේශ වල නිවේදනය කෙරුණි . මෙකි බලවතුන් අතර සාතාගිරි , හේමවත , සහ මුචලින්ද යන නම් ද ඇතුලත් විය.

මෙකි ප්‍රඥාප්තිය ආටානාටිය නමින් හැදින්විය. මෙය සාර්ථක ක්‍රියාමාර්ගයක් වූ බැවින් ඉන් වසර 300 කට පමන කාලයකට පසු බුදු සසුන පිහිටවියහැකි ශිෂ්ට සමාජයක් ඇතිවන බවත් බුදුරජාණන් වහන්සේ දැන සිටියේය. එබැවින් ඉදිරිකලයෙදි ලංකා පුර බුදුසසුනින් බබලවන බවට අනාගත වාක්‍යක් ද ප්‍රකාශ කර සේක .

සිදුහත් කුමරා උප්පත්තිය ලැබුයේත්, ගෞතම බෝසත් තුමා උතුම් සම්බුද්ධත්වයට පත් වූයේත්, ගෞතම බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූයේත්, ජන්බුද්වීපයේදීය. වසර හතළිස් පහක් තරම් දීර්ඝ කාලයක් පුරා උතුම් බුද්ධ ධර්මය දේශනා කළේත් ජන්බුද්වීපයේම ජනයාට ය. ජන්බුද්වීපය යනු (ජන් + බුද් + ද්වීපය) “බුදුන් ජන්මය ලබන දීපය” යන අර්ථය ඇති මාගධී භාෂාවේ පද තුනකි.

ලුම්බිණිය ……….

එදා සිදුහත් උපත සිදුවූ පස්මහ බැලුම් බිම ( ලුම්බිම > ලුම්බිණි ) නම් ස්ථානය අද ඇත්තේ මහනුවර තෙල්දෙණියේ (තෙල නදිය) බඹරගල නම් වූ ස්ථානයේය .

කිබුල්වත් පුර , කිබුලා පුර යනු අද කිබුලා දිබුලා වී ඇති දිබුලාගලය. මහා ගෝතමී දේවිය ගමන් කලේ දිබුලාගල සිට අද මහනුවර ට ආසන්නවූ දෙව්දහ නුවර වෙතය . මේ ගමන් මාර්ගය වැටි තිබුනේ මහවැලි ගග ආශිත වූ මාර්ගයකය. සිදුහත් උපත සිදුවූ ඒ සල් උයන ලෙස විශ්වාස කරන සල් ගස් අදත් එම ස්ථානයේ පවතී . පොලව යට ගල් තලාවක් ඇති බැවින් ගසේ වැඩීම පාලනය වුන බවක් දක්නට ලැබේ .

එකල පෙළපත් නාමය මව් පාර්ශවයෙන් ගෙන නම් තැබීමේ සිරිතක් පැවතිනි. එබැවින් මහා ගෝතමියගේ පුත් ගෝතම නම් වූවාය . ගෝතමියගේ සොයුරිය ප්‍රජාපති නම් විය.

නේපාලයේ ඇති ලුම්බිණි නම් ව්‍යාජ සෙල්ලිපිය කරවූ Feuhrer නම් ජර්මානු ජාතිකයා විසින් ඊට අමතරව දන්ත ධාතුවක් ද සොයාගත්තාය කියමින් අශ්ව දතක් ඉදිරිපත් කර ඇත. වාසනාවකට එය පහසුවෙන් ම අශ්ව දතක් බව හදුනා ගැනීමට හැකිවිය . නැතිනම් එය ද අප විසින් වන්දනා කරනු ඇත. Feuhrer පසුව පවසා ඇත්තේ බුදුන් 18 රියන් උස වූ නිසා දත විශාල විය යුතු බවය . >> වැඩි විස්තර << 

යක්ෂ ගෝත්‍රිකයන් ගෙන් විජය අරකෂා කරනලෙස, බුදුන් පිරිනිවන් මංචකයේ සිට පවසූ බව මහාවංසය සදහන් කරයි , එලෙසම උත්පල නම් දේවයා පැමිණ විජය ඇතුළු පිරිසට පිරිත් නුල් බැදී බවද සදහන් ය. තම රටෙහි තබාගන්න වත් බැරි තරමට පිරිහුණ
විජය ඇතුළු පිරිස , නොදන්නා කෙනෙකුන් පැමිණ අතේ නුලක් බදිනතුරු බලා සිටීද?

විජය + කුවේණි + උත්පල කතාකලේ භාෂා කීපයකින් ද?

බුදුරදුන් + චුලෝදර මහෝදර + සුමන + යක්ෂ ගෝත්‍රිකයි න් කතාකලේ කුමන භාෂාවකින් ද?

මිහිදු හිමියන් එදා දේවානන් පියතිස්ස ගෙන් අඹ ගස් ගැන ඇසුවේ කුමන භාෂාවකින්ද?

ත්‍රිපිටකය පාලියට නගනු ලැබුවේ ඉන්දියන් ජාතිකයෙක් ය . මෙහි දී ඔහුට පෙනෙනා හා සිතනා ආකාරයට එය ඔහුගේ නැණ පමණින් පරිවර්තනය කළේය. බුද්ධ ධර්මය යනු පොතකින් කියා හෝ විද්‍යුත් මාධ්‍යයෙන් කියා හෝ අවබෝධ කල නොහැක්කකි. එසේ විය හැකි නම් එය පළමුවෙන් ම සෙල්ලිපියක ලිවීම හෝ ගර්න්තාරූඩ කරවන්නේ බුදුරදුන් විසින්මය. බුද්ධ ධර්මය ඇසිය යුත්තේ ආර්යයන් වහන්සේ කෙනෙකු සම්මුඛයේ සිටය.

බුද්ධ චරිතයට ඉන්දියාව ඇදා ගැනීම නිසා , යම් කරුණු සාධාරනිය කිරීමට අභව්‍ය කරුණු ඇතුලත් කරන්නට සිදු විය , එහිදී බුදුන් සේම මිහිඳු හිමියන්ගේ ලංකාපුර ගමන අහසින් ගමන් කිරීමක් ලෙස සලකනු ලබූ අතර, ඉන්දියාවේ දේව ගෝත්‍රිකයන් නොසිටි නිසා ඔවුහු දිව්‍ය තල වල වෙසෙන දිවය පුත්රයනට ආදේශ කිරීමට සිදුවිය , තවද නාග ගෝත්‍රිකයන් නොසිටි බැවින් මුචලින්ද යනු විශාල නාගයෙක් ලෙස අර්ථ කථනය කරන්නට සිදු විය . යක්ෂගොත්රිකයන්ටද සිදුවුනේ අමනුෂයන් ලෙස හුවා දැක්වීමය.

බුදුන් නන්ද කුමරුන් දෙවුලොව කැදවාගෙන ගොස් දිව්‍යය අංගනාවන් පෙන්වූ බවද ප්‍රසිද්ධය. සිදුහත් කුමරුන් ගේ ඇදුම් හා කෙස් නිදන්කොට දෙවු ලොව හා බඹලොව සළුමිණ හා සිළුමිණ නම් වූ සෑය කෙරවූ බවද ප්‍රකාශ විය. භවුතික නොවන දිව්‍ය හා බඹ තලවල භව්තික ද්‍රව්‍ය තැම්පත්කර චෛත්‍යය තනන්නේ කෙසේ දැයි මෙහෙදී උභතොකෝටික ප්‍රශ්නයක් ද මතු වන්නේ ය .

මාතෘ දිවය රාජයාට දහම් දෙසීමට වැඩි සංඛ පුරට ද දිවය ලෝකයක් ලෙසම දැක්වීය. මෙහි වඩාත් අභව්‍ය සිදුවීම වන්නේ බුදුන් සංක පුර නම් දෙවු ලොවට ඉනිමගකින් බැසීමය .

කලාකරුවන් බුදුන්ට ඇති භක්තිය නිසාම, තම හැකිපමන විශාලත්වයෙන් පිළිම නෙලන්නට විය , සිදුහත් උපත සිදු වූ සැනින් නෙලුම් මල් සතක් උඩ ඇවිද ගොස් මින්මතු උපතක් නැති යි ප්‍රකාශ කරන්නේය . බුද්ධත්වයට පත් වූ බුදුන් සතියක් ඇසිපිය නොහෙලා බෝගස දෙස බලා සිටිමද අභව්‍ය ය. මක් නිසාද යත් බුදුවීම යනු සියලුම බැඳීම් කපා නිදහස් වීමය. එබැවින් බුදුවරු කෙලෙහිගුණ සලකන්නේ නැත .

මෙකි විකෘතිවීම් නිසා වර්තමනයේ දී , බුද්ධ චරිතය මෙන්ම බුද්ධ දර්ශනයද , බයිබලය අරබිනිසොල්ලාශය හා රාමායනය වැනි අභව්‍ය සිදුවීම් වලින් ගහන වූ සාමාන්‍ය මනුෂ්‍යයෙකුට පිළිගත නොහැකි අන්දමේ ප්‍රබන්ධයක් ලෙස දැක්වුණු අතර නිවන යනු සාමාන්‍ය මනුෂයයෙකුට ලගාවිය නොහැකි අද්භූත දෙයක් ලෙස හැගී යන්නක් විය .

බෝධි මණ්ඩලය ……….

hiriwaduna

බුදුන් බුද්ධත්වයට පත් වූ ඒ සුදු බෝධිය අදත් ජීවමානව වැඩ    සිටින්නේය .
එම උතුම් ස්ථානය ඇත්තේ ලක් පොලවේ මද්ය ලක්ෂයේය .  මෙම ස්ථානය හැදින්වූයේ බෝධි මණ්ඩලය ලෙසය. අද එම  ස්ථානය (හබරණ ආසන්නයේ) හදුන්වන්නේ
හිරිවඩුන්න කියාය .  එය හිමි වැඩ උන්න යන අර්ථයෙන් සෑදුනකි .
මෙම ප්‍රදේශය එකල පාලනය වූ යේ නාග ගෝත්‍රික රජෙකු වූ  මුචලින්ද යටතේය. මෙය අදත් එදා සේම ඇට්ටේරිය වනයකි . එදා  මුචලින්ද රජු කරවාදුන් වජ්රාසනය අදත් බෝමුල් අතර සිරවී  පවතින්නේය හරිටම බෝධීයෙන් නැගෙනහිරට මුහුණලාය . ඊට  නුදුරු ස්ථානයක රුවන් සක්මන හා රුවන්ගෙය ඇති අතර ඉන්  මදක් ඔබ්බට වෙන්නට
නේරංජනා නදිය ඇත. සම්පුර්ණ වීඩියෝව මෙතනින් >>>>

බුදු දහමට අදාල සාහිත්‍යය ට ඉන්දියාව සම්බන්ධ කරමින් මේ පටලැවිල්ල ඇති කලේ බුද්ධගයාව නම් වූ ස්ථානය සොයාගෙන අප රටේ ඉතිහාසය ඔවුන් ගේ සිත් පරිදි විකෘති කරමින් ලියු විදේශ ජාතිකයන් ය. ඔවුන් ඇත්තටම ඉතිහාසඥයන් නොව සරලව කිවහොත් නිදන් මංකොල්ල කරුවන් ය. මොවුන්ට රැවටුණු ප්‍රධාන සිරිලන්කිකයා අනගාරික ධර්මපාල තුමය. >> වැඩි විස්තර <<

ලංකා සිතියම ගෙන ඇලහැර ප්‍රදේශය පරික්ෂා කරන්න. මධයම කදුකරයේ ඊසාන දෙසින් එකතුවෙන ජලය ඇලහැර නම් ස්ථානයෙන් අංශක 90 කින් හරවා . අබන් ගඟට යොමුකර ඇති බව දක්නට ලැබෙනු ඇත. බුදුන්කල මෙවන් හැරවීමක් නොවුණු අතර එම ජලකද හබරණට ආසන්නයෙන් ගලා ගොස් අනුරාධපුර දෙසට ගමන් කර කොකිලායි කලපුවෙන් මුහුදට වැටෙන මහා ගඟක් ලෙස ගලා ගියේය . මෙම ජාල ධාරාව නිසා එදා අනුරාධපුර ඉතා සශ්‍රික ප්‍රදේශයක් බව අනුමානය. එදා එම පෙදෙස රජරටක් වූ යේ එහි වූ සාරවත් භාවය නිසාය . අදමෙන් වියලි කලාපයක් වුනි නම් කිසිම රජකෙනෙකු එහි රාජධානියක් ඉදිකිරිමෙට උත්සහ නොකරනු ඇත. මෙකි සශ්‍රික භාවය නිසාම එම ප්‍රදේශය නිතර චෝල ආක්කරමනයන්ට නතු විය. සිංහල රජදරුවන් පොලොන්නරුව දෙසට සංක්‍රමණය විය . පොළොන්නරු යුගයේ සිටි රජවරුන් අනුරපුර සිටි සොලින් හට පහර දුන්නේ එහි ජල සම්පාදනය කපා හැරී මෙන්ය . ඒ සදහා “ඇලහැර’ වීම සිදුවිය. නියම ගඟ තිබු ඇලහැර බකමුණ ප්‍රදේශයේ මැණික් නිධි පවතින්නේ ඇයි දැයි දැන් ඕනෙම කෙනෙකුට වැටහෙනු ඇත .

මෙම ගගෙහි දල සැලැස්මක් සිතියමේ ඇතුලත් කර ඇත. එය නිවැරදිව සකස්කිරීමට ප්‍රමණවත් දත්ත ලැබී නැත. එදා හිරිවඩුන්නට ආසනයෙන් ගලාගිය නේරංජන ගගද අද කොටස් වශයෙන් වෙන් වී ඇත. ජලය රැස්කිරීම සදහා වැව් තැනීම නිසා මෙකි පුරාන ගංගා මාර්ගය පළල් විශාල ජලාශ බවට පත් වී ඇත. අනුරාධපුර ආශ්‍රිත වැව් පෝෂණය වූ යේ මෙකි මද්යම කදුකර ප්‍රදේශයෙන් ගලා එන ජලය නිසාය. වැසි ජලය පමණකින් වැව් පුරවා රජරට කුඹුරු අස්වැද්දීමට අද අමාරු වන්නේ අයි දැයි දැන් ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත .

සගමිත් තෙරණිය රැගෙන ආවේ හිරිවඩුනේ ඇති සුදුබෝදියේ(සුභෝධි ) අංකුරයක්ය. නා ලොව යනු නාග ගෝත්‍රිකයන්ගේ අඩවියය . සතියක් නා ලොව පුදදුන් බෝධිය යනු ඒමේ ප්‍රදේශය සතියක් තුල පූජා පවත්වා ගෙන ඒමය . නාලොව යනු අභ්වය ලොවක් නම් එහි සිට ඔරුවකින් පැමිණිය නොහැකි බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. අනික අහසින් වැඩිය හැකි නම්, සගමිත් රහතන් වහන්සේ ඔරුවකින් වැඩියේ අයි දැයි ප්‍රශ්නයක් මතු වේ. එදා සාඛ්‍ය භද්දකචයනා ඇතුළු සොයුරන් පිරිසත් සගමිත් තෙරනියත් අනුරාධ පුරයට පැමිණුනේ පෙර කී ඇලහැරින් ගැලූ ගග ඔස්සේය.

එදා මිහිඳු හිමියන් පවසන්නේ ගොඩබිමෙන් හෝ මුහුදින් නො ආ බවය. ගොඩබිම හෝ මුහුද හැරුන විට මනුෂ්‍යයෙකුට ගමන් කිරීමට ඉතිරි වන්නේ අභ්‍යන්තර ජාල මාර්ග පමණක් බව අපට නොවැටහෙන්නේ අවාසනාවටමය. සංගමිත්ත තෙරණිය අරහත් නම් , බෝ පැළය අහසින් නොගෙනෙන්නේ අයි දැයි ප්‍රශ්නයක් මතුවනු ඇත.

ගෞතම බුදුන් ගේ පළමු ධාතුව තැම්පත් කෙරුනේ මහියංගනයේ ය . එය තැම්පත් කෙරුනේ සැරියුත් මහා රහතන් වහන්සේගේ ශිෂ්යය වූ සරබූ මහරහතන් වහ්සේගේ අතිනි.
වර්තමාන සම්මතයේ පරිදි ඉන්දියාවේ බුදුන්ගේ පළමු ධාතුව මෙහි තැන්පත් කිරීමට සරබූ තෙරුනට අවශ්ය වූ යේ ඇයි දැයි ප්‍රශ්නයක් පැනනගී, එම සිද්ධිය සම්පූර්ණයෙන් ම අභව්‍යය. සත්‍යය කරුණ නම් සරබූ යනු (සුමන) සමන් දෙවියන්ගේ වැඩිමහල් සොයුරියගේ පුතාය. සරබූ යනු බුදුරජානන් වහන්සේ හා සැරියුත් වහන්සේ මෙන්ම හෙලෙයෙක් වීමය. බුදුන් වහන්සේ හෙළ පුතකු වූ නිසා පළමු ධාතුවද තම මව්බිමේම තැම්පත් කිරීම තාත්විකය .

බුදු කෙනෙකු පහළවීමේදී මුලිකව සලකනු ලබන්නේ නිවන් අවබෝදය සදහා පින් පිරු මිනිසුන් ඇති දේශයක් ය . ජනගහනය අනුව නොවේ, (වර්තමාන ජනගහනය අනුව සලකබලුවහොත් නම් එම රට වන්නේ චීනයය) . එලෙසම එම දේශය පව්කාරයින් ගෙන් තොර පිරිසිදු ශිෂ්ට සමාජයක් විය යුතුය.

මේ පටලැවිල්ල එන්නේ මිත්යාදෘෂ්ටික ආගම් අනුව බුද්ධ දර්ශනය සැසදීමට යාම නිසාය. බුද්ධ යනු අනිත් ආගම් වල මෙන් පවෙන් ගලවා ගැනීමට එන ගැලවුම් කාරයෙක් නොවන්නේ ය , අනිත් අතට එවන් ගැලවුම් කරුවකු ඇතිනම් පව් කලත් කමක් නැත . අපමහ ගොවුතම බුදුරජානන් වහන්සේ අඩුම තරමේ තම බලය පිහිටුවා ලෙඩෙක් වත් සුවකළ අවස්ථාවක් ඔබ අසා ඇති ද? එවන් වූ ගැලවුම් කරුවෙක් නම් උන්වහන්සේ තම ඥාති වූ දෙව්දත් ද ගලවාගත යුතුය .

බුදුවරයෙකු බිහිවන කාලයෙ දී , දිව්‍යය තල වල ඉන්නා දෙවියන් චුත වී මනුලොව උපදින බව ඔබ අසා නැති ද? එවන් වූ දෙවියන් පව්කාර මිනිසුන්ගේ දරුවන් වී උපදී ද?

අරහත් මාර්ගය ට පිවිසුනෙකු හෝ බුදුකෙනෙකු බහිර පෙනුමෙන් මනුෂ්‍යයෙකුට වෙන්කර හදුනාගත නොහැක, රාග ද්වේශ මෝහ දුරුකළ නිසා යම් පියකරු සිත් ඇදගන්නා ස්වභාවයක් පමණක් වනු ඇත.

මෙකි තත්වයනට පත් වන්නේ මනසින්ය. එබැවින් මනසින් අතීතයට , අනාගතයට මෙන්ම එකම කාලයේ වෙනත් ස්ථානය කට යාම ට හැකියාවක් තිබීමට පුලුළුවන. භව්තික වස්තුවක් හෝ මනුෂ්‍යයෙකු සිය ශරීරය සමග අහසින් ගමකිරීම අභව්‍ය දෙයකි. බුදුන් වහන්සේ ප්‍රමුක සන්ගරත්නය. සමන් ගිරට වැඩියේ අහසින් නම්. දිවා ගුහාවේ නැවතී ගිමන් හරින්නේ, කාලය ගතකරන්නේ කුමක් අරභයාද?

ත්‍රිපිටකය මහාවංසය ඇතුළු පොත් වල ලියවී තිබෙනදේ පරිවර්තනය කිරිමෙදී යම් විකෘති හා අභව්‍ය දේවල් එකතුවී ඇත. නමුත් එයට පාදක වූ මුල් සත්‍ය හේතුවක් ඇත. මීට වසර 30 කට පෙර ගැයූ ගීතයක් අද එම ආකරයෙන් ම අසන්නට නැත . අප මෙහි කතාකරන්නේ 2600 පැරණි තොරතුරු ගැනය . අභව්‍ය සිදුවීම සලකා බලීමෙදී අද බුදුදහම බයිබලය ටත් වඩා සුරඟන කතා වලින් පිරි ඇත. අද අප අසනා මධ්‍යම ප්‍රතිපදාවනම් වූ දෙයක් බුදුදහමේ නැත. මධ්‍යම යන වචනය මජ්ජිමා යනුවෙන් නිර්වචනය විය යුතුය. මෙවාසියල්ල විකෘතියේ ප්‍රතිපලයන් ය . අප මේ උත්සහකරන්නේ සත්ය සොයාගනිමින් සියලු මිත්‍යාවන් දුරලා ධර්මය පිරිසිදු කිරිමටය .

kudagala

මහින්ද හිමියන් සහ සංගමිත්තා තෙරණියන් පැමිනේන්නෙන්නේ රජගහ නුවර සිටය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම සංගායනාව පැවත්වු හත්තක හැඩය ඇති නොහොත් කුඩ ගල ද ඊට ආශ්‍රිතව ඇති ගිජ්ජකුට පර්වතයද තිබුනේ රජගහ නුවර ය , එදා බිම්බිසාර හා අජාසත්ත රජකලේද රජගහ නුවරය.
එම පෙදෙස පරිනිර්වාණයෙන් වසර සියගණනක් දක්වා ආසියාවම බැබලවූ ධර්මායතනයක් ලෙස ප්‍රසිද්ධ විය. උපන් රට කුමක් වුවද මිහිඳු හිමියන් ධර්මය ඉගෙන ගැනුනේ රජගහ නුවර ය සිටය . උන්වහන්සේ ප්රිනිවන් පෑවේ ද රජගහ නුවරය අදද සොහොන් ගැබ එහි ඇත.

අක්කර 1600 ක් තරම් වූ භුමි භාගයක නටබුන් හා ලෙන් විශාල ප්‍රමාණයක් ඇති, අද අම්පාරේ රජගල නමින් හැදින්වෙන්නේ එම රජගහ නුවරය. යටත් විජිත සමයේ පවා ඇස නොගටුන මේ බිම සවභාව ධර්මයේ අගනා නිර්මාණයක් ය .

ඉසිපතන මිගදාය  ……….

isinbassagala

එදා බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුන්, ඉසිපතනට පැමිණෙන අවස්ථාවේ එය ඈත තියා දකින්නේ පස්වග තවුසන් ය . එම ඉසිපතය අද හඳුන් වන්නේ ඉසින්බැස්ස ගල කියාය .
මෙය පිහිටා ඇත්තේ මැදවච්චියට ට ආසන්නයේය. එහි ඇති විශේෂ පිහිටුම ඕනෑම කෙනෙකුන් ගේ අවධානයට යොමුවන සුළුය.
ඉන්දියාවේ ඇති ඉසිපතනය සමතල බිමක පිහිටා ඇත. මිගදායක තබා මුවන්ට කන්නට තණ කොලවත් එහි නැත. බලහත්කාරයෙන් කොටුකල මුවන් කිහිපදෙනෙකු එහි ඇත.

කුසිනාරාව ……….

budugala

පරිනිර්වාණය සිදුවූ කුසිනාරාව අද හදුන්වන්නේ බුදුගල කියාය. එම ස්ථානය බලංගොඩට ආසන්නයේ සමනලවැව ජලාශයට පහලින් පිහිටා ඇත. බුදුගල ආසන්නයේම කුරගල පිහිටා ඇති අතර එම ස්ථාන දෙක අතර උමන් මාර්ගයක් ද ඇත. සිළුමිණ සැය ඇති තව්තිසා පුර කුරගල බවටද මත පලවී තිබේ. මල්ලව රජදරුවන් ගේ රාජධානියේ නටබුන් සහ ධාතුමන්දිරයේ නටබුන් අදත් දක්නට ලැබේ. හේමමාල හා දන්තකුමරු පැමිණෙන්නේ මෙහි සිටය . එදා ද්‍රෝණ බමුණා ධාතු බෙදාදුන්නේ මෙහි සිටය .

බුද්ධ චරිතයට අදාල සෙල් ලිපි ගණනාවක් මේ ලක් පොළවෙන් හමු වී ඇත. බුදුන් සක්කස්ස දේවයන් හට සක්කපන්න සුත්‍රය දෙසු ඉන්දසාල ගුහාව වැනි ස්ථාන පැහැදිලිලෙසින් ම පරණ විතාන මහතා හදුනාගෙන ඇත.

ගොතම ශ්‍රමණ , බඩගරික අනද සහ බුද්ධ සාහිතයේ එන බොහෝ තෙරුනට පිදු සෙල්ලිපි සහිත ගල් ලෙන් රාශියක් ලංකාවේ සොයාගෙන ඇත. ගොතම යනු හෙළ පුතෙකු බව පැවසීමට පරනවිතාන මහතා උත්සහකර ඇති නමුත් ඔහු, අන්‍ය ආගම් බලවේග මත බුදුදහම විකුර්ති කරන්නෙකු ලෙස සලකා ඔහුගේ මත යටපත් කර ඇත .

අනේපිඩු සිටුතුමා කරදුන් සැවැත්නුවර ජේතවනාරාමය අද රිටිගල ගමින් හදුන්වනු ලැබේ. එලෙසම ඒ ආසනයෙහි ඇති මානැ කන්ද යශෝධරා තෙරණින් වැඩසිටි භික්ෂුණි ආරාමයයි.

ලංකාවේ ඇති බුද්ධ චරිතයට අදාල වන සියලුම ස්ථාන අදත් එම ආකාරයෙන් ම මනුෂ්ය වාසයට සුදුසු ලෙස ගස්කොලන් වලින් පිරි පවතී. සියලුම ස්ථාන වල පුදුමාකාර ජල උල්පත් වලින් සමන්විතය . ඉසින්බස්සගල අරහත් ගුහාව අසල ඇති පොකුණ මෙයට කදිම නිදසුනකි. රජගලද ගල් තලාව උඩ නෙලුම් මල් පිපි පොකුණක් ඇත. ඉන්දියාවේ පෙන්වාදෙන ස්ථාන සහ ගල් ලෙන් මනුෂ්‍ය වාසයකට සුදුසු ලෙස පෙනෙන්නේ නැති අතර එක මොහොතක් හෝ එහි රැදී සිටීමට හිත නොදේ .

සියලුම සක්විති රජවරුන් හා බුදුවරුන් බිහිවූ මේ හෙළ පොලවේ විශේෂ පිහිටුමක් ඇත. එය මද්‍ය මණ්ඩලය යනුවෙන් හැඳින් වේ. එම ස්ථාන වල ඇති විශ්ව ශක්තිය බුදුවරයෙකුට බුදුවීමට පමණක් නොව, සාමාන්‍ය කෙනෙකුට සෝවාන් පලයට එලබීමටද උපයෝගී කරගත හැක.
බුදුදහම ප්‍රචාරය වෙනත් රටවල ප්‍රචාරය කලද එම රටවල් මධ්‍ය මණ්ඩලයෙන් පිටත වූ බැවින් මාරග ඵල ලභීන් ඇතිවීමට නොහැකි භාවයක් පවතී. මාරග ඵල ලභීන් නොමැති දේශයක නිර්මල බුදුදහමේ පැවැත්මක් නැත.

බුදුන් උපන් ස්ථාන කොහේ වුවද එය ධර්මයට අදාල නැති බවට බොහෝ අය ප්‍රකාශ කරනු ඇත. අනිත් අතට සත්‍යය ස්ථාන ප්‍රකාශ කිරීමේදී සම්මතයට එරෙහිව ගැටුම් සහගත තත්වයක් ද ඇතිවනු ඇත.
එසේනම් අප මෙය පැවසීමෙන් ඇතිවන සෙත කුමක් ද?

මෙලොව මේ දක්වා බිහිවී ඇති සියලුම බුදුන් බුදුවී ඇත්තේ එම ස්ථාන වල ය. බුදුන් බුදුවූ එම බිමේ පිහිටි ශක්තිය අඩුම වශයෙන් අපහට සෝවාන් ඵලයට හෝ පත්වීමට යොදා ගැනීමට බැරි ද?

එය මෙම Video එක තුල මැනවින් විස්තර කරනු ඇත.

ඉන්දියාවට බුදුදහම ව්‍යාප්ත කිරීමට කිහිපවිටක් උත්සහා කලත් පෙර කී හේතුව නිසා එය අසාර්ථක විය.
අද ඉන්දියාවේ බුදුදහමක් ඇත්තටම නැත්තේ, එදාද එය එහි නොතිබු නිසා මිස බුදුදහමේ ඇති දුර්වලතාවක් නොවන බව වටහා ගත යුතුය. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද පෙරකළ ආගම් විශාල ගණනක් තිබුණි , බ්‍රාහ්මණයන් හා නිඝන්ථයන් ද සිටියේය. ඉන්දියාවේ බුදුදහම නොතිබූ නිසා අදද එම ආගම් පවතී. ලංකාවේ බුදුදහම වියාප්ත වූ නිසා අනිකුත් ආගම් යටපත් වී ගියේය.

ධමාශෝක යනු මතභේදාත්මක චරිතයකි. ඉන්දියාවේ සෙල් ලිපි හා ටැම් ලිපි 32 ක් තිබුණි, එහි සැම එකකම සදහන් වන නම දේවානම් ප්‍රිය ප්‍රියධර්ශි ලෙසින. වසර 1915 වනතුරු මොහු කවුදැයි කිසිවෙකු නොදැන සිටියේය. ඉන්පසු දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේ හමුවූ ලිපියක අශෝක යන නම සදහන් විය. එහි අක්ෂර සමානකම් සසදා හා ලංකාවෙ මහාවංසය බලා , මනක්කල්පිත අශෝක අදිරජ්‍යයා බිහිවිය.

සුද්දන් විසින් බලයෙන් ලියාදුන් ඉන්දියාවේ හා ලංකාවේ ඉතිහාසය අද මහත් ගැටළු රාශියකට පත් වී අවුල් ජාලයක් වී පවතී . >>අශෝක ලිපි<<

බුදුන් ඉන්දියාවේ සිටි බව ගොතා පෑම, වැරදීමකින් සිදුවුනාද නොඑසේනම්, කුමන්ත්‍රණයක් දැයි තාමත් අභිරහසකි.

ක්‍රිස්තුධර්මය පැතිරවීමේ පැහැදිලි චේතනාවෙන් සිටි බටහිර ආක්රමිකයන් බුදුන් ගේ ස්ථාන සොයාගැනීමට මෙතරම් උනන්දුවක් දැක්වුයේ ඇයිදැයි ප්‍රශ්නයක් පැනනගී. මීට වසර දෙසියගනකට පෙර කිසියම් ජාතියකට යටත් නොවූ ලංකාව ආරක්ෂාවී තිබුනේ බුදුදහම නිසා මිස වෙන අන් කරුණක් නිසාද ?

ලංකාවේ බුදුදහම විනාශ කිරීමට විදේශිකයන් ගොඩනැගු සැලැස්ම නම් අතිසාර්ථකය.
බුදුන් වහන්සේ යනු නුබලා ගේ කෙනෙකු නොවේ ඉන්දියන් කාරයෙකි. නුබලා බෝවුද්ධ වීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැත. ජේසුස් වහන්සේද පිටරටියෙකි එබැවින් කොයි ආගමත් වෙනසක් නැත. නුබලා සම්භවයෙන් බෞද්ධ නැත…..

බුදුන් උපන් දේශය වසර 2500 කට පෙර කසාවතින් බබලුනි . ඉන් වසර 300 ක් වනවිට ධර්මාශෝක රජුන් හට නගා සිටවීමට තරම් එය පිරිහුනේ කෙසේද?

එසේ වූවයි සිතමු , එවිට දෙවරක් හින්දු ආගම නැතිවී ගියා යයි සිතමු? ධර්මාශෝක යුගයෙන් පසු කසාවතින් බැබලුනු ඉන්දියාව මුස්ලිම් ආක්‍රමණ හා බටහිර ආක්‍රමණ ලක්වුනයි සිතමු. එවිට බුදු දහම යටපත්කර මුස්ලිම් ආගම පැතිරුනයි සිතමු ?

වත්මන් ඉන්දියනුවන් වැඩිදෙනෙක් හින්දුය . එසේනම් හින්දු ආක්‍රමණයක් සිදුවුනේ කවදාද කෙසේද ? අද ඉන්දියාවේ වැඩිපුර සිටින්නේ මුස්ලිම් වී දෙවනුව බෝවුද්ධයන් සිටිනම් එය තර්කයට ගෝචරය. වසර 2600 කට පෙර යටපත් වූ හින්දු ආගම යලි පනනගන්නේ කෙසේද?

එකල දුර මැනීමට භාවිතවුයේ ශබ්දය ඇසෙනා දුර සම්මතයට ගෙන ය. මේවා අතර හුවක දුර, දව්ලක දුර ආදී වශයෙන් සදහන් කෙරුණා නමුත්, අද අප භාවිතා කරන්නා මීටරය මෙන් සියල්ලන්ටම සම්මත වූ ස්ථිර මිනුම් ක්‍රමයක් නොතිබුනේය. යොදුන හා ගව්ව යනු විශාල දුරවල් නොවේ. ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදී වෙවා යි කියන්නේ එම නිසාය.යොදුන් හා ඉංග්‍රීසි සැතපුම් අතර සම්බන්ධයක් නැත

එලෙසම එකල රියනක් යනු අඟල් 4 ක් පමණ වූ දිගකි. මෙකි මිනුම් පටලවාගැනීම නිසා බෝවුද්ධ සාහිත්‍යයේ ඇති කරුණු බොහො අභව්‍ය වී ගොසින්ය .

විදේශිකයන් කියු පමණින්, බුදුන් උපන් රට ඉන්දියාව ලෙස දොහොත් මුදුන් දී පිළිගත්තේ ලංකාව පමණි. අනිකුත් බෝවුද්ධ රටවල් එය පිළිගන්නා බවක් නොපෙනේ.

ඊට මුලික හේතුව වන්නේ ඉන්දියාව බෝවුද්ධ රටක් නොවීමය. මෙකි මතභේදය නිසා, තායිලන්ත විද්වතුන් සිතන්නේ බුදුරජානන් වහන්සේ සිටියේ තම රටේ කියාය. මෙහිදී ඔවුහු ඉන්දියාවේ නොවියහැකි බවට ගෙනෙන තර්ක අපට වඩාත් වැදගත්ය. >>DownLoad<<

himella

හිම වත , හිමය , හිමේ යනු රුස්ස වනගහනක් වූ කදුකර ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැක. මෙය ඉන්දියාවේ ඇති හිමාල කන්ද ලෙස අර්ථකතනය කරන්නේ අපේම අභාග්යටය. මලය යනු කදුකරයයි, හිමය + මලය = හිම මලේ , Robert Knox වසර 1660 දී පවසන්නේ Adams Peak’s යන ස්ථානයට ලාංකිකයන් පැවසු නම “Hammalella” බවය. ඔහුට ඇසුන වචනය යලිත් ඉංග්‍රීසි ජාතිකයෙකු ගේ භාෂා විලාසය අනුව ලියා ඇත. 

dambadiwa

වසර 1850 දී ලංකික ජනජීවිතය අලලා පොත් ලියු HENRY CHARLES (pag 302) පවසන්නේ දඹදිව කොළඹින් සැතපුම් 57 ක් නැගෙනහිරින් තිබු බවය >>DownLoad<<

 

truth_picture14

වසර 1660 දී ලංකාවට පැමිණෙන Robert Knox නාවිකයා පවසන්නේ නුවර (candy) අධිරාජයා තම පුතු එකම දින උපන් යශෝධරා කුමරියට විවාහකර දුන් බවය.

markopolo

දහතුන්වන ශතවර්ෂයේ මෙරටට පැමිණි ඉතාලිජාතික නාවිකයෙකු වන Marco Polo පවසන්නේ බුදුන් යනු මෙරට උපන් බලවත් රජෙකුගේ පුතකු බවය. ඒවනවිටත් බුදුන්න්ගේ දන්ත, නකා සහ ලලාට ධාතු මෙහි තිබු බව ය .
>>DownLoad<<

63

64

මෙම පුස්කොළ පොත් පරිවර්තනයේ දී යම් වැරදීම් සිදුවන්නට පුළුවන. විශේෂයෙන් ම එම පොත්වල අද මෙන් හිස්තැන් තබා වචන කැඩීමක් සිදු නොවීය . 

පරිවර්තනයේදී (,) හා (.) වෙනස් වුවහොත් පවා මුළු ඉතිහාසයම වෙනස් විය හැක. එකල මාලිමා (compass) භාවිත නොවුන බැවින් දිශාවන් නිවැරදිව කීමට අපහසුවක් තිබීමට පුළුවන. කෙසේනමුදු නේරංජනා ගඟ නියන් කලට උකුල ප්‍රමානයි. වරුසා කලට කරවටයි. යන්නෙන් ගම්යවෙන්නේ අද හිරිවඩුන්නේ ඇති ගඟ මිස ඉන්දියාවේ ඔය කියනා Phalgu නදිය නම් නොවන බව ඕනෙම කෙනෙකුට වටෙහෙනු ඇත. අනික් අතට කන්ථක අශ්වයා ට නම් ඔය කියනා ඉන්දියාවේ නෙරන්ජනාව උඩින් පැනීමට කිසිම හැකියාවක් නැත. බුදුන් ඉන්දියාවට ඈදීම් නිසා කන්ථක සුරඟන කතාවල එන අශ්වයෙක් බවට පත් විය .

මෙහි ඇති කරනු බොහොමයක් හිරිවඩුන හා ගැලපේ.

දඹදිව යනු මේ හෙළ බිම යන මතය සිත දරාගෙන නැවත අපගේ පුරාන පොතපත කියවුවහොත්, එහි ලියා ඇත්තේ එයම වන බව වැටහෙන්නට පටන් ගනී . 

බුදුන් හා සක්විති රජවරුන් බිහිවන හා බිහි නොවන රටවල ලැයිස්තුවක් අපගේ වංස කතාවල ඇත. එම වැදගත් පොත් පත් වල පිටු කිහිපයක් මෙහි තබා ඇත. වන්නි රාජාවලිය >>DownLoad<< ………….. රාජාවලිය >>DownLoad<<

මේ හෙළ පොලවේ ඇති බොහොමයක් නටබුන් ස්ථාන විවිද රජවරුන් ගේ කාලයන් හිදී නවීකරණය කර ඇත. එබැවින් එහි මුලාරම්භය සොයාගෙන යමෙ දී මතුවන්නේ අවසන් වරට නවීකරණය කල රජ ගේ නමින් වූ සාදකය. රජගල ගල් ගුහා පමණක් නොව, ඉන් ආසන්නයේ තිබී විශාල නගරයක නටබුන් ද මෙවෙනවිට සොයාගෙන ඇත.

බුද්ධ කාලයෙන් පසුව බිහිවූ බොහෝ නිර්මාණ හා කටකතා එමටය. ඒවා අභව්‍ය කරුණු වලින් අලංකාර වී ඇත. උදාහරණය ක් ලෙස කාශ්‍යප තෙරුන් ගේ සිරුර ආදාහනය නොවී ගල් ගුහාවක ඇති යි, කතාවක් පවතී. එලෙසම කාශ්‍යප තෙරුන්ගේ දන්ත ධාතු, බෙන්තොට විහාරයේ ඇති බවක් ද කිය වේ. අදාහනය නොවූ සිරුරකින් ධාතු ලබන්නේ කෙසේද ? අනික් අතට එම සිරුර එසේ පවතීමෙන් ඇති සෙත කුමක් ද ?

මිලින්ද ප්‍රශ්නය යනු තවත් එවැනි ප්‍රබන්දයකි . මලින්ද රජු ප්‍රශ්න අහන්නේ , මක්ඛලි ගෝසාල , අජිත් කෙසකම්බලි වැනි බුදුන් කල ජීවත් වුවන්ගේන්ය. ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට කෝටි සංඛ්‍යාත රහතන්වහන්සේලට බැරිය. එබැවින් රහතන් වහන්සේලා දෙව්ලොවට ගොස් සක් දෙවි හමු වී, එහි සිටිනා දෙවියෙකුට චුතවී මනු ලොව උපදින ලෙසට බලකරන්නේ ය. අවසානයේ මනු ලොව ඉපදී නාගසේන නමින් අරහත් ව (අවුරුදු 20 ගණනකට පසුව ) ප්‍රශ්න විසදන්නේ එම දිවය පුත්‍රයාය .

වසර 2600 කට පෙර ලංකාව, ඉන්දියාවට හා එකට සම්බන්ද වී තිබු බවට සාදක නැත. නමුත් ආදම් ගේ පාලම හරහා හොද ගමන් මාර්ගයක් තිබෙන්නට ඇත. අනුරාධපුර යුගයේ තිබු සොලී ආක්‍රමණ වලින් එය පැහැදිලි වෙ . ආදම් ගේ පාලම වස‍ර 1,750,000 වයස් වන අතර එය එය ස්වභාවික දෙයක් නොව, ගොඩනැගු දෙයක් බව පර්යේෂණ වලින් තහවුරු වී ඇත.

වර්තමාන ඉන්දියාවේ බොහෝ වශයෙන් බුද්ධ රුප හා බෝවුද්ධ යි කියනා සිද්ධස්ථාන දක්නට ලැබේ දක්නට. බුදු දහම වෙනත් රටවල ප්‍රචාරය කරවූ නිසා මින්සමහරක් බෝවුද්ධ සිද්ධස්ථාන වල අනුරු විය හැක. අනිකුත් සිද්ධස්ථාන මොනවාදැයි දැනගැනීමට ඔබටම පරීක්ෂණයක් කල හැක. මේ සදහා පහත සදහන් පිළිවෙල අනුගමනය කරන්න.

Google වෙබ් අඩවියට ගොස් “jain mahaveer” ලෙස type කරන්න. ඔබට පෙනෙන්නේ කාගේ රුපද ? >> වැඩි විස්තර <<

අප උපන් දා සිටම සම්මතයෙන් බුදුන් වහන්සේ යනු ඉන්දියාවේ සිටි කෙනෙකුයයි ද, ලංකාව එවන් වූ බුද්ධෝත්පාදයකට නුසුදුසුරටක් යයි ද අපේ යටි සිත් වලවලට කවා ඇති නිසා, බුදුන් උපන්නේ හෙළ බිම යි කියූ පමණින් සමහරුන් හට තදබල වේදනාවක් ඇතිවීම ස්වභාවිකය. සත්‍යය යනු සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි . මේවා එලියට එන්නේ නියම කාලයටය. පසුගිය දශක කිහිපය තුල මෙකි ස්ථාන මතු නොවුනේ එම ප්‍රදේශය තුල යුද්ධයක් පැවතුන නිසා වන්නට පුළුවන උතුරු හා නැගෙනහිර ඇති මෙම ස්ථාන කලින් ප්‍රසිද්ධවුනා නම් ඒවා ඒවා කිලිටිවෙනු නොඅනුමානය .

සෙනරත් පරණවිතාන ,අරිසෙන් අහුබුදු , ජයරත්න පතිආරච්චි වැන්නවුන් සහ අප්‍රසිද්ධියේ මෙය ප්‍රකාශ කල අය අපමණ සිටින්නට පුළුවන. එලෙසම ප්‍රකාශ නොකලද තම යටිසිතට මොහොතකට හෝ මෙය දැනුනු අය අප්‍රමාණය. මෙම කරුණ වාඩාත් හොදින් ගවේෂණය කර බොහොකරුනු නිරාකරනය කරමින් ප්‍රකාශ කිරීමක් සිදුවුයේ ගරුතර මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් සම්පාදනය කල “අප උපන් මේ හෙලබිම බුදුන් උපන් ජන්බුද්ව්පයයි” නම් ග්‍රන්ථය හෙළි දැක්වීමත් සමගය.

මෙම කරුණ ගවේෂණය කරන්නකුට ධම්මාලංකාර හිමියන් ගේ ග්‍රන්ථ හොද පිවිසුමක් ලබාදෙනු ඇත .

අප උපන් මේ හෙලබිම බුදුන් උපන් ජන්බුද්ව්පයයි – Book 1 – >>DownLoad<<
අප උපන් මේ හෙලබිම බුදුන් උපන් ජන්බුද්ව්පයයි – Book 2 –
>>DownLoad<<

මෙම වෙබ් අඩවියේ ඇති කරුණු පරිශීලනය කරමින් අද්‍යනය කිරීමට කලක් ගතවනු ඇත. එලෙසම එම ස්ථාන වලට ගොස් නැරබීමට තවත් කලක් ගතවනු ඇත.
මෙහි දක්වා ඇති තර්ක බිඳ දැමීමට හෝ ස්තිර කිරීමට හැකි එකම ක්‍රමය වන්නේ, ලංකාවේ සහ ඉන්දියාවේ එකී ස්ථාන අලලා ජාන පරික්ෂා සහ කාබන් පරීක්ෂාවන්කර සැසදීමෙන් පමණක් ය.

මෙම වෙබ් අඩවිය තුල ඇත්තේ බොහෝ දෙනෙකු අප්‍රමාන මහන්සියක් දරා සොයාගත් කරුණුය. ඒවා මෙහි ඇතුලත් කර වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ සත් භාවයෙන් ම නිවන් මග පතන්නනට ප්‍රවේශයක් දීම සදහා බව කරුණාවෙන් සලකන්න.

එදා සිටි වසර 2600 ගණනක් පුරා විවිද පරිවර්තනයන් වලට භාජනය වූ නිර්මල බුදුදහම වර්තමාන සම්මතයේ දක්නට ඇත්තේ තරමක් වෙනස් වූ දහමක් ලෙසය. එසේනම් ශ්‍රී සද්ධර්මය කුමක් ද? නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍යය සියලුම කරුණු ඇතුලත් ඒ නිර්මල දහම් පුස්තකය මෙතනින් ලබා ගන්න. >>DownLoad<<

සියල්ලටම සත්‍යය වැටහේවා ………….!

Category : Uncategorized